FAST NEWS

24×7 Around the Globe

රංගිරි දඹුලු අනුනාහිමියෝ අපවත් වෙති..

සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක කලුන්දාවේ ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ ඊයේ (11) දඹුල්ල රෝහලේදී අපවත්වුහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය අද (12) කන්දලම, කුඹුක්කඳන්වල ශ්‍රී ගුණනන්දාරාමයේ සිට රංගිරි දඹුල්ල රාජමාහ විහාරස්ථ රන්ගිරිපාය රජමහා විහාරය වෙත වැඩමවන ලදී.

අපවත් වී වදාළ උන්වහන්සේ සියම් මහා නිකායේ රංගිරි දඹුළු පාර්ශවයේ අනුනායක ධුරයට අමතරව රන්ගිරිපාය රජමහා විහාරය, කන්දලම 29 විහාරය හා කුඹුක්කඳන්වල ගුණානන්දරාමයේද විහාරාධිපති විය.

අපවත්වන විට උන්වහන්සේ 80 වන වියෙහි පසුවුහ.

උන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය 13 දින රන්ගිරි දඹුළු රජමහා විහාරිය ආදහන මළුවේදී සිදුකිරීමට නියමිතව ඇත.

අසුව දශකයේ රන්ගිරි දඹුළු පාර්ශවය ආරම්භ කිරීම සහ දෙස් විදෙස් හි ධර්ම ප්‍රචාරණය බුදු සසුනට සාමනේර භික්ෂුන් වහන්සේලා ඇතුළත් කිරීම ආදී ආගමික වතාවත් රැසක් නා හිමියන් විසින් සිදුකළ ශාසන ඉතිහාසයට එක්වී තිබේ.