FAST NEWS

24×7 Around the Globe

ජල ගාස්තු ඉහළ දැමේ – නව ගාස්තු මෙන්න..

දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

එ අනුව සියයට 30කින් පමණ ජල ගාස්තුව ඉහළ යනු ඇති බව එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා පවසයි.

ගුණාත්මක සේවාවක් අඛණ්ඩව ලබාදීම සඳහා මෙම ගාස්තු ඉහළ නැංවීම සිදු කරන බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

මීට අදාළ ගැසට් නිවේදනය ඉකුත් නොවැම්බර් මස 2 වෙනිදා නිකුත් කර  ඇති අතර ඒ අනුව කාණ්ඩ 9ක් යටතේ ගාස්තු ක්‍රම 9ක් එහි අන්තර්ගත වේ.

මිල වැඩිවන අයුරු පහතින් ..

1-696x332 2-696x321 33 (1)  55-696x343 66-696x347 78-653x420 99-1