FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම අධිවේගයේ දෙවැනි කොටස ආරම්භ කිරීමට සැරසේ..

මධ්‍යම අධිවේගයේ මීරගම සිට කුරුණෑගල දක්වා වන දෙවැනි කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අවධානය යොමුව තිබේ.

කිලෝමීටර් 39.29ක දුරකින් යුක්ත වූ මෙම අදියරේ ඉදිකිරීම් සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජ් 04කට බෙදා වෙන් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ සඳහා වන කොන්ත්‍රාත්තු සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත ප්‍රදානය කිරිමට නියමිතය.

මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ද හිමිවී තිබේ.