FAST NEWS

24×7 Around the Globe

සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුර‘ වන්නේ නෑ..

සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුර‘ ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනා මගින් ප‍්‍රකාශ වූයේ යැයි සඳහන් මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර යැයි සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

2017 වසර දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ජනාධිපතිවරයා නම් කර තිබෙන බවත් ඊට අදාළව සමෘද්ධි ව්‍යාපාරය මගින් ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ‘ජන ඉසුර‘ ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙන බවත් පවසන ඇමැතිවරයා අයවැය කතාවේදී එය නිවැරදිව සන්නිවේදනය නොවූ බවද කියයි.