FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීයාමේ අවදානමක්….

තෙල් පිරිපහදු කිරීම සඳහා නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට රජය චීන සමාගමක් සමග ගිවිසුමකට එළඹීම මගින් ඛණිජතෙල් කර්මාතය දැඩි අර්බුදයකට ලක් වන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

එහි ඛණිජ තෙල් සංස්ථා ශාඛාවේ කැඳවුම්කරු චේතිය ඒකනායක මහතා සඳහන් කළේ තෙල් පිරිපහදු කටයුතු සඳහා චීන සමාගමකට අවස්ථාව ලබාදීම මගින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීයාමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම චීන තෙල් පිරිපහදුවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමෙන් කිසිදු අවස්ථාවක ඛණිජ තෙල් මිල පහත හෙලීමට රජයට බලපෑම් කළ නොහැකි තත්ත්වයක් උදාවන බවද ඔහු සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළ නවතා දැමීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර තම මතයට ආණ්ඩුව අවනත නොවන්නේනම් ඉදිරියේදී ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එලඹෙන බව  කොළඹ අද(11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චේතිය ඒකනායක මහතා කියා සිටියේය.