FAST NEWS

24×7 Around the Globe

ආබාධිතයන්ට පහර දීම වරදක් – අගමැති කියයි..

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම පිළිබඳව ආණ්ඩුව විසින් සොයා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23 (2) යටතේ ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.

“මේ පිළිබඳව සාකච්ඡවක් තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ. ඒ ඉල්ලීම් සියල්ලම දුන්නාට පස්සේ කොහොමද මෙය සිදු වුණේ කියලා සොයා බලන්නට තිබෙනවා. ආබාධිතයන්ට පහර දීම වරදක් වගේම, ආබාධිතයන් උසිගන්වා ඒ මුවාවෙන් ඇවිත් ප්‍රශ්න ඇති කිරීමත් වරදක්“ යැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේ ය.