FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති ජොන්ස්ටන්ට සිංගප්පුරු යෑමට ඉඩ ලැබෙයි..

වර්ෂ 2010 සිට 2015 දක්වා  කාලයේ වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගත වීමට  පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  අද (11) නියෝග කළේය.

එ අනුව නොවැම්බර් 14 වැනි දා සිට 18 වැනි දා දක්වා  සිංගප්පුරුව සඳහා යෑමට  ඔහුට  අවසර ලැබිණි.