FAST NEWS

24×7 Around the Globe

ලක්ෂපාන ග්‍රීඩ් උප පොලේ ගින්න මැඩ පවත්වයි…

ඊයේ (10) ලක්ෂපාන ග්‍රීඩ් උප පොලේ ට්‍රාන්ස්ෆෝමරයක හදිසි ගින්නක් හටගත්තේය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ ඊයේ රාත්‍රී 8.55 ට පමණ හට ගත් මෙම ගින්න හේතුවෙන් නුවරඑළිය, රත්නපුර, බලංගොඩ, ඇඹිලිපිටිය, බෙලිඅත්ත, මාතර හා දෙණියාය යන ප්‍රදේශවල විදුලි සැපයුම බිඳ වැටුණු බවයි.

කෙසේ වුවත් අද (11) අලුයම වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ඔහු සදහන් කළේය.