FAST NEWS

24×7 Around the Globe

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරය සරත් ජයමාන්නට..

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇත.

ජයමාන්න මහතා අද(10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

වසර 25 කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සරත් ජයමාන්න මහතා මෙම ධූරයට පත් කෙරෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළේය.