FAST NEWS

24×7 Around the Globe

පුද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කරන බව අයවැයෙන් යෝජනා වෙයි…

 

රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ආයතන ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්,එහි අධ්‍යාපන මට්ටම රැකගැනීමට ප්‍රමිතිකරණ වැඩපිළිවෙළක් නිර්මාණය කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබේ.

එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් 15,000 ට රු.ලක්ෂ 8 දක්වා ණය ආධාර ලබාදීමට යෝජනා කරන බවද මුදල් අමාත්‍යවරයා පවසා තිබේ.

රජයේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩිකිරීමට අපේක්ෂා කරන බවත්, එහි අධ්‍යාපන කාල සීමාව රාත්‍රී 8 දක්වා දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබේ.

පිළිගත් රජයේ විශ්වවිද්‍යාල 17ක ඉහළම ලකුණු ලබාගන්නා සිසුන් තිදෙනා බැගින් තෝරාගෙන හාවඩ්,කේම්බ්‍රිජ් හා එම්.ටී.අයි වැනි ලෝකයේ උසස් විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ඔවුන්ට ශිෂ්‍යත්ව ලබාදීමට‍ ක්‍රියා කරන බවද අමාත්‍යවරයා පවසා තිබේ.