ඇමරිකාවේ සියැටෙල් ප්‍රදේශයේදී කිසියම් අයෙක් කල වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
කණ්ඩායම් දෙකක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි කණ්ඩායමක් සහ තවත් පිරිසක් අතර මෙම බහින්බස්වීම සිදුව ඇතැයි සැකයක් ඇතිව තිබේ.
තුවාල ලැබුවන් අතර කාන්තාවක් ද වන අතර වෙඩි තැබු පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීම සිදුවී මොහොතකින් පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතරප්‍රදේශයේ පවතින විරෝධතා හේතුවෙන් ආරක්ෂක අංශ ද සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ.
විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි පිරිස් ඇතැම් ප්‍රදේශවල විරෝධතා වලට එක්ව සිටින බවයි.
විරෝධතා පැවැත්වෙන අයුරු දැක්වෙන විදෙස් මාධ්‍ය වාර්තා කළ වීඩියෝ දර්ශන පහතින්..













