FAST NEWS

24×7 Around the Globe

සීනි කන්ටේනරයෙන් කෝටි 45ක මත්කුඩු සොයා ගැනෙයි…

 

රුපියල් කෝටි 45ක් පමණ වටිනා  කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 30ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඊයේ(09) සොයාගෙන තිබේ.

කැලණිය, පෙතියගොඩ  කන්ටේනර් අංගනයේ, බ්‍රසීලයෙන් ගෙන එන ලද සීනි කන්ටේනරයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර එම මත්ද්‍රව්‍ය තොගය මේ වන විට කොළඹට ගෙන එමින් සිටින බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසා තිබේ.