FAST NEWS

24×7 Around the Globe

11 සිට 15 දක්වා මුදුබඩ මාර්ගයේ නවතම දුම්රි කාල සටහන මෙන්න..

මුහුදුබඩ මාර්ගයේ මොරටුව සහ ගල්කිස්ස අතර දුම්රිය ධාවනය අනිද්දා (11) රාත‍්‍රී 10.00 සිට ලබන 15 වැනිදා සවස 4.00 දක්වා තාවකාලිකව අත්හිටුවන බව ශ‍්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කර සිටියි.

මොරටුව සහ රත්මලාන අතර පිහිටි පැරණි දුම්රිය පාලම වෙනුවට නව පාලමක් ස්ථාපිත කිරීම මීට හේතුව බව එම නිවේදනයෙහි දක්වා තිබේ.

ඒ අනුව අදාළ කාලය තුළ මාතර සහ ගාල්ල දෙසින් පැමිණෙන දුම්රිය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරේ.

එසේම කොළඹ දෙසින් ධාවනය වන දුම්රිය ගල්කිස්ස දක්වා පමණක් ධාවනය වෙයි.

එම කාලය තුළ ක‍්‍රියාත්මක කෙරෙන සංශෝධිත දුම්රිය කාල සටහන පහතින්