FAST NEWS

24×7 Around the Globe

ජනපති හා අගමැතිගෙන් ඇමෙරිකාවේ නව ජනපතිට සුභ පැතුම්..

ඇමරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනපති පදවියට සුදුසුකම් ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු තම ට්විටර් ගිණුම් හරහා අද(9) දහවල් සුබ පැතූහ.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ලෙස ලැබූ ඵෙතිහාසික ජයග්‍රහණය පිළිබඳව තම උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ජනපති ට්විටර් ගිණුමට ඇතුළත් කළ සුබ පැතුම් පණිවිඩියේ සඳහන්වේ.

අගමැතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතමින් සිය ට්විටර් ගිණූමේ සඳහන් කළේ ධවල මන්දිරයට යන මං පෙතේ දී ලැබූ අපූර්ව හා ඵෙතිහාසික ජයග්‍රහණයට සුබ පතන බවයි.

එසේම ශ්‍රී ලංකාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන කාලයේ දී ඇමරිකා එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.