FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් පත් වෙයි…(update)

 ලොවපුරා ජනතාවගේ අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.

ඒ ජනාධිපතිවරයා බවට පත්වීමට ලබාගත යුතු ඡන්ද විද්‍යාල 270ක බලය සපුරාගනිමිනි.

අමෙරිකාවේ මැතිවරණය පැවැති ප්‍රාන්ත 50න් මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනූව ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද කොට්ඨාස 276ක් ජයගෙන ඇති අතර හිලරි ක්ලින්ටන්ට ජය ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.

අමෙරිකානු ප්‍රාන්ත 50 වෙසෙන ජනතාව ප්‍රකාශ කර ඇති ඡන්ද සංඛ්‍යාව අනූව එක් එක් ප්‍රාන්තයෙන් එක් එක් අපේක්ෂකයාට හිමිවන ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව මත පදනම්ව ජයග්‍රහණය තීරණය කරනු ලැබේ.

ඒ අනූව ප්‍රාන්ත 50හේ සම්පූර්ණ ඡන්ද කොට්ඨාස  සංඛ්‍යාව එසේත් නැතිනම් ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 538ක් වන අතර ජයග්‍රහණය සඳහා අපේක්ෂකයෙකු ලබාගත යුතු ඡන්ද විද්‍යාල සංඛ්‍යාව අමෙරිකානු මැතිවරණ ක්‍රමයට අනූව 270කි.

ඒ අනූව හිලරි ක්ලින්ටන් අභිබවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේවන විට ඡන්ද කොට්ඨාස 276ක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ජයග්‍රහණයත් සමග අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා බවට පත්වීමට ට්‍රම්ප්ට අවස්ථාව ලැබී ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනපතිනිය වූ පළමු කාන්තාව බවට පත්වීමට තිබූ අවස්ථාවද හිලරිට අහිමිවිණ.

මේ අතර ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන සුබපතමින් හිලරි ක්ලින්ටන් ඔහුට සුබපතා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

1(3223)

+++++++++++++++++++++++++++++++(update)

හිලරී අභිබවා ට්‍රම්ප් ඇමෙරිකා ජනපති පුටුවට සමීප වෙයි…

ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණ ඡන්දයේ නවතම ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 254ක් ලබා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ලබා ඇති ආසන ගණන 209කි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 10.20 පමණ වනවිට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව ජයග්‍රහණය සඳහා ට්‍රම්ප්ට තවත් ලබාගත යුතුව ඇත්තේ ආසන 16කි.

ඇමරිකාවේ ජනපතිවරණ අපේක්ෂකයකු ආසන 270ක් ලබාගැනීමෙන් ජයග්‍රහණය තහවුරු කරගත හැකිවේ.