FAST NEWS

24×7 Around the Globe

දුෂණ විරෝධී පෙරමුණෙන් අල්ලස් කොමීසමට ලිපියක්…

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව ඉදිරි කි‍්‍රයාමාර්ග කඩිනම් කරන ලෙස දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් කොමිසමට අද (08) ලිපියක් ඉදිරිපත් කළේය.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව අල්ලස් කොමිසමට දැනට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ලේ විමර්ෂණ අතරමග නතරව තිබීම පිළිබඳව සහ ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ඉක්මන් කරන ලෙස වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්වරියගෙන් එම ලිපියෙන් ඉල්ලා සිටි බව ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක චමීර පෙරේරා පැවසීය.