FAST NEWS

24×7 Around the Globe

හීලරිද ට්‍රම්ප්ද ලොවම බලා සිටි ඇමෙරිකා ජනාධිපතිවරණය අද..

ලොව බලවත්ම රාජ්‍යය  ඇමෙරිකාවේ ජනාධිපතිවරණය අද (8 දා) ආරම්භ වීමට නියමීතය

මිලියන 120 ක්‌වූඅ ඇමෙරිකානුවෝ අද 45 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කරති.

ඉතිහාසයේ මුල්වරට කෝටිපති ව්‍යාපාරිකයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරියවූ හිලරි ක්‌ලින්ටන් ජනාධිපති ධුරය හිමිකර ගැනීම සඳහා දැඩි සටනක නිරත වී සිටිති.

මෙවර ජනාධිපතිවරණයේදී කළුජාතිකයන් කුමන අපේක්‌ෂකයාට ඡන්දය පාවිච්චි කරන්නේද යන්න හෙළිවී නැත. තමා ජනාධිපති වුවහොත් ඇමරිකාව ලොව රටවල ආණ්‌ඩු වෙනස්‌ කිරීමේ ලෝක පොලිස්‌කාරයා ලෙස කටයුතු කිරීමේ පිළිවෙත වෙනස්‌ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. ඩිමෝක්‍රටික්‌ පක්‌ෂයෙන් හිලරි ක්‌ලින්ටන්ද රිපබ්ලිකන් පක්‌ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ද තරග වදියි.

මෙම ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා 2017 ජනවාරි 2 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

එහෙත් ජනාධිපතිවරණ ප්‍රතිඵල හෙට 9 දා ප්‍රකාශවීමට නියමිතය.

45 වැනිඅඇමෙරිකානුනු ජනාධිපතිවරයා පත්වීම 2017 ජනවාරි 5 දා ඇමරිකානු කොංග්‍රසය විසින් අනුමත කරනු ඇත.

2017 ජනවාරි 20 දා නව ඇමෙරිකානු ජනාධිපති හෝ ජනාධිපතිනිය දිවුරුම් දෙනු ඇත.

මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ විශේෂ සිද්ධියක්‌ වන්නේ වසර 96 ක්‌ තිස්‌සේ කාන්තාවකට ඡන්දය පාවිච්චි කිරීමට බලා සිටි 98 හැවිරිදි වියේ පසුවන එස්‌ටේලේ ෂුල්ට්‌ස්‌ගේ සිහිනය සැබෑවීමකි.

තමා වසර 96 ක්‌ බලා සිටියේ කාන්තාවක්‌ ඇමෙරිකාවේ ජනාධිපති වනු දැකීම බවද ඇය කියා සිටියාය.