FAST NEWS

24×7 Around the Globe

විරෝධතාව අවසන් – විශ්‍රාම වැටුප පෙබරවාරීයේ…

ආබාධිත රණවිරුන්ටද සේවා විශ්‍රාම වැටුපක් ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට ලබාදීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු අදාළ ලිඛිත එකඟතාව විරෝධතාකරුවන් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව දින 08 ක් පුරා ආබාධිත රණවිරුන් පැවැත් වූ විරෝධතාව අවසන් කිරීමට  ඔවුන් තීරණය කර තිබේ.

එසේම විරෝධතාවයේ නිරත වූ පිරිස් පා ගමනින් කොටුව දුම්රිය ස්ථානය අසලට ගොස් උපවාසයේ නිරත වන පිරිස් වෙත අදාළ පණිවුඩය දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

අද (07) පෙරවරුවේ පැවැති උද්ඝෝෂණය අතරතුර පොලීසිය විසින් උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කළේය.