FAST NEWS

24×7 Around the Globe

ඇමති රංගේ බණ්ඩාරට සහන සලසන්නැයි පොලිස්පතිගෙන් නියෝග..

රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාරට අවශ්‍ය සහන සලසන මෙන් පොලිස්පතිවරයාට ජාතික පොලිස් කොමිසම විසින් දන්වා ඇති බව වාර්තා වේ.

ඒ රංගේ බණ්ඩාර ඇමතිවරයා උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයේ රාජකාරි කළ සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ බවට ඒ පිළිබඳව සොයා බැලූ කමිටුව තීරණය කිරීමෙන් අනතුරුවය.

කමිටු නිර්දේශය අනුව ඇමතිවරයාට පොලිස් පරීක්ෂක තනතුරට නියමිත සහන සලසන ලෙස මෙසේ නියෝග කර ඇත.