FAST NEWS

24×7 Around the Globe

ආබාධිත හමුදා සෙබළුන්ගේ උද්ඝෝෂණයට එරෙහිව අධිකරණ නියෝග නොදෙයි..

විශ්‍රාම වැටුප් ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා කොටුව දුම්රියස්ථානය අසල දින කිහිපයක සිට සත්යග්‍රහයක නිරතවන ආබාධිත හමුදා සෙබළුන් අද (07) කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්වී උද්ඝෝෂණයක නිරතවීමට කටයුතු කළේය.

ඒ අවස්ථාවේ ජනතා පිඩාවක් සිදුවන බවට දන්වමින් කොටුව පොලිසිය උද්ඝෝෂණය වැළැක්වීමට අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නමුත් පොලිසියේ එම ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රතික්ෂේප කළ අතර ඒ නිසා තහනම් නියෝගයක් ලබාගැනීමට පොලිසියට නොහැකි විය.

රණවිරුවන් පස්දෙනෙකු මේ වන විට ජනාධිපති ලේකම් සමග තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක නිරතවී සිටී.

අනිකුත් රණවිරුවන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනපති ලේකම් කාර්යාලය අසල රැදී සිටින බවද වාර්තා වේ..