FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ ඕක්ලහෝමාවේ භූ කම්පනයක්…

ඇමෙරිකාවේ ඕක්ලහෝමා ප්‍රාන්තයේ, ඕක්ලහෝමා නගරය ආසන්නයේ රික්ටර් පරිමාණ 5.0 ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම භූ කම්පනය රික්ටර් පාරිමාණ 5.3 ක භූ කම්පනයක් ලෙස ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කළත්, පසුව එය 5.0 ක භූ කම්පනයක් බව අනාවරණය වී තිබේ.

ඕක්ලහෝමා නගරයට කිලෝමීටර් 80ක් පමණ ඊසානදිගින් ඇති වූ මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසකට අලාභානි සිදුව ඇති බව විදුලි බලය ඇණහිටීමක්ද පවතින බව විදෙස් වාර්තා පවසයි.

ගොඩනැගිලි කඩා වැටීම් හැරුණු විට භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි වාර්තා වීමක් මෙතෙක් සිදුව නොමැති බවද වැඩි දුරටත් වාර්තා වේ.