FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා ලෝටස් වට රවුම වැසේ…

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ-ගාලු මුවදොර පිවිසුම අසලින් ලෝටස් මාර්ගය වසා දමා ඇති බව වාර්තා වෙයි.

තම විශ්‍රාම වැටුප කපා හැරීමට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කළ විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන්  කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බවද වාර්තා වෙයි.