FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය ගැන විමසා මැතිවරණ කොමීසමෙන් නීතපති දෙපාර්තුමේන්තුවට ලිපියක්..

සීමා නීර්ණය ගැටළු නොපවතින පළාත් පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීමට පවතින නීතිමය තත්ත්වය පිළිබඳ විමසා මැතිවරණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

සීමා නීර්ණය ගැටළු නොපවතින පළාත් පාලන 61ක පමණ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින බවට පසුගියදා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසම දැනුවත් කර තිබුණි.

එ අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මැතිවරණ කොමිසම ඒ  පිළිබඳ පවතින නීතිමය තත්ත්වය පිළිබඳ විමසීමට  තීරණය කර ඇති බව පැවසේ.

මේ පිළිබඳව පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී නීතිපතිවරයා මැතිවරණ කොමිසම දැනුවත් කරනු ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

මෙරට පළාත් පාලන ආයතන 336ම මහජන නියෝජිතයිගෙන්  තොරව වසර 02කට අධික කාලයක් ක්‍රියාත්මක වේ.

නව මැතිවරණ ක්‍රමයට අදාළ සීමා නීර්ණය කටයුතු අවසන්ව නොමැති බැවින් මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොපවතින බව රජය පවසයි.