FAST NEWS

24×7 Around the Globe

ජෙයරාජ් ඝාතන සැකකාර පොලිස් අධිකාරී බන්ධනාගාර නිලධාරීන් භාරයට.

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 13 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට බූස්ස කඳවුරේ ත්‍රස්ත අංශයේ නිලධාරීන් භාරයේ සිටි හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කිරීමට අද නියෝග කළේය.
ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට විසින්.

එමෙන්ම අදාල නඩු විභාගය නොවැම්බර් 23 වැනිදාට කල් තැබිණ.

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 13 දෙනෙකු ඝාතනය කරමින් වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදීයී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරුණේ.