FAST NEWS

24×7 Around the Globe

භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා නව වෙන්දේසි ක්‍රමවේදයක්‌..

භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා නව වෙන්දේසි ක්‍රමවේදයක්‌ හඳුන්වා දීමට ක්‍රියා කරගෙන යන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ තුළින් අක්‍රමිකතා සිදු කිරීමට ඇති හැකියාව අවම වනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ නව ක්‍රමවේදය සකසා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද පෙන්වා ඔවුන්ගේ විශේෂඥයන්ගේ සහාය හා දායකත්වය ලබාගැනීමට අපේක්‌ෂා කරන බවද ඉදිරි මාස කිහිපය තුළ මේ නව ක්‍රමවේදයට ගමන් කිරීමට හැකි වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ තුළින් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතු ක්‍රියාවලියේ වේගවත් දියුණුවක්‌ ඇති කිරීමට හැකි වනු ඇති බවටද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා විශ්වාසය පළ කරයි.