FAST NEWS

24×7 Around the Globe

2017 වසර සඳහා වන අයවැය 10 වනදා පාර්ලිමේන්තුවට..

2017 වසර සඳහා වන අයවැය ‍ලේඛනය මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබන 10දා පස්වරු 2.00ට ඉදිරිපත් කිරීමට නියමිතය.

2017 වසරේ රජයේ සමස්ත වියදම වන රුපියල් කෝටි එක්ලක්ෂ අසූදහස් නවසියයක මුදල උපයා ගන්නා ආකාරය පිළිබඳ යෝජනා අයවැයට ඇතුළත් වේ.

එසේම අය වැය පරතරය පියවා ගන්නා ආකාරය සම්බන්ධයෙන් වන යෝජනාද ඊට ඇතුළත් වේ.

අය වැය ඉදිරිපත් කරන දිනයේ විශේෂ ආරක්ෂක සැලැස්මක් හා ප්‍රවාහන සැලැස්මක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.නොවැම්බර් 09දා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ විවේක කාමරද ඇතුළු සියලු ස්ථාන පරීක්ෂා කරන බවත්, නොවැම්බර් 10දා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් නියෝජ්‍ය කථානායකවරයා දැනුම් දුන්නේය.