FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගෙන් හෙට මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක්.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයට ඉදිරිපත්වනවාද නැද්ද යන්න ගැන බදාදා (1) මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.

මැදමුලන ඒ මහතාගේ නිවසේදී හෙට පැවැත්වෙන් ඇසල පෝ දින ධර්ම දේශනාවෙන් පසු මෙම ප්‍රකාශය කරනු ඇතැයි ද කියති. සන්ධාන පක්ෂ නායකයින් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලමින් විශේෂ රථ පෙළපාළියකින් මැදමුලනට යාමට නියමිත බවද දේශපාලන ආරංචි සඳහන් කරයි.

ඒ අතර විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු අද (30) හිටපු ජනපතිවරයා හමුවීමට නියමිත බවද කියති.