FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවි සිසුන්ගේ මරණයට සැක පොලිසීයේ 05 රිමාන්ඩ්..

යාපනය විශ්වවිද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05දෙනා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.

උප පොලිස් පරීක්ෂක සරත් දිසානායක, සැරයන් පී.එස් ජයවර්ධන, පොලිස් කොස්තාපල්වරුන් වන චන්දන, ලක්නාමාන්න, නවරත්න එලෙස රක්ෂිත බන්ධනාගරගත කිරීමට නියමවූ අයයි.

යාපනය සරසවියේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන් වෙඩි වැදී මිය ගොස් ඇතැයි ද, එම විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය කජන් හිසට වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගොස් ඇතැයි ද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කියැවිණි.