FAST NEWS

24×7 Around the Globe

ධීවර අර්බුදය පිළිබඳ ඉන්දු – ලංකා සාකච්ඡාව ආසාර්ථකයි..

ඉන්දු – ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නවදිල්ලි නුවර පැවැති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ඊට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිතයින් ප්‍රකාශ කරයි.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති එම සාකච්ඡාවලට තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර නියෝජිතයින් සහ උතුරේ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

එමෙන්ම එම සාකච්ඡාවට දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් ද සහභාගී විය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හා එරට කෘෂිකර්ම අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් යළිත් සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිතය.