FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය කඩිනම් කරන්නැයි ඉල්ලු පෙත්සම ජනවාරියේ විභාගයට ගැනේ…

සීමා නිර්ණය අවසන් කළ පළාත්පාලන ආයතනවල මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා පැෆ්රල් සංවිධානය ගොනුකළ පෙත්සම ලබන වසරේ ජනවාරි මස 30 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (03) තීරණය කළේය.

අදාළ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සළකා බැලිමෙන් අනතුරුව මෙම තීරණය නිකුත් කළේය.

මෙම පෙත්සම මගින් මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ විෂයභාර අමාත්‍යවරයා වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.