FAST NEWS

24×7 Around the Globe

05 වැනිදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8 ක් ජලය කැපේ..

ජල නල නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ, ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා(05) රාත්‍රි 9.00 සිට ඉරිදා අළුයම 5.00පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

බේස්ලයින් පාරේ කැලණි පාළම අසළ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ සහ සියළු අතුරු මාර්ග, හෙට්ටිවීදිය සහ ඒ ආශ්‍රිත අතුරු මාර්ග , කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.