FAST NEWS

24×7 Around the Globe

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය නිදහස් චතුරශයේ තැන්පත් කෙරේ…(update)

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කෙරීමට නියමිතය.

දේහය මේවනවිට කොළඹ පුද්ගලික මල් ශාලාවක සිට රිය පෙරහැරකින් නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන යමින් පවතින අතර විශාල ජනතාවක් මේසඳහා එක්ව සිටිති.

පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවය හේතුවෙන් රජය ඊයේ (03) සිට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

++++++++++++++++++++++++++++++++++(update)

අභාවප්‍රාප්ත අචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් වෙනුවෙන් සතියක ශෝක කාලයක්..

අභාවප්‍රාප්ත සංගීතවේදි අචාර්ය පණ්ඩිත් ඩී.අමරදේවයන් වෙනුවෙන් රජය විසින් සතියක ශෝක කාලයක් නම් කර තිබේ.

මේ අතර ඩබ්ලිව්.ඩී.අමරදේව මහතාගේ දේහය පිළිබඳ අවසන් ගෞරව රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී සෙනසුරාදා (5) දින පස්වරු 3ට සිදු කරන බව  සඳහන්ය.

ඒ අනුව හෙට(04) උදෑසන 10 සිට සෙනසුරාදා(05) පස්වරු 3 දක්වා එතුමාගේ දේහය මහජන ගෞරව සඳහා  කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැන්පත් කර තැබෙයි.

++++++++++++++++++++++++++++++++++(update)

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ අචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් දැයෙන් සමුගනියි..

හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ ප්‍රවීණ සංගීතවේදී අචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීහු අභාවප්‍රාප්ත වී තිබේ.

අද (03) උදෑසන හදිසියේ රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමීන් සිටි හෙතෙම මීය යන විට 88 හැවිරිදි වියේ පසුවිය.