FAST NEWS

24×7 Around the Globe

2012 වැලිකඩ පරීක්ෂණ වාර්තාව පොලිස්පතිට.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පසුගියදා එළිදැක්වූ පරීක්ෂණ වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සිද්ධිය පිළිබඳ වෙනම ම පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අදාළ වාර්තාව මගින් දුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා එය පොලිස්පතිවරයාට යොමු කළ බව ය.

ගැටුම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ රැසක් ඉදිරිපත් කළ අතර ඉන් ප්‍රධාන වන්නේ, ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන ලෙස ය.