FAST NEWS

24×7 Around the Globe

යුධ හමුදා බුද්ධි අංශයට නව අධ්‍යක්ෂවරයෙකු පත් කෙරේ…

යුධ හමුදා බුද්ධි අංශයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක මහතා පත්කර ඇති බව වාර්තා වේ.

යුධ හමුදාවේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියා පටිපාටිය අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙතෙක් එම ධුරයේ කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා බුද්ධි අංශ රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්ත කර තිබේ.