FAST NEWS

24×7 Around the Globe

ගාල්ල කරාපිටිය රෝහ‍ලේ හෘද සැත්කම් නවතියි..

ගාල්ල කරාපිටිය රෝහ‍ලේ හෘද සැත්කම් නතර වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශල්‍යාගාරය තුළට ජලය කාන්දු වීමත් සමග විස බිජ විශාල වශයෙන් පැතිරීම හේතුවෙන් සැත්කම් නතර කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

හදවත් සැත්කම් කර ගැනීම සඳහා ‍පොරොත්තු ‍ලේඛනය් 3000ක රෝගීන් පිරිසක් රැඳීසිටින බැවින් සැත්කම් නතර කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව තවත් වැඩි වන බව ද හෙතෙම පැවැසීය.

දිනකට විවෘත හදවත් සැත්කම් 4ක් පමණ සිදුකරන අතර සැත්කම් නතර කිරීම හේතුවෙන් දුෂ්කර පළාත්වල සිට සැත්කම් කර ගැනීම සඳහා පැමිණ සිටින රෝගීන් මහත් අපහසුතාවන්ට ලක්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහි කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන පෞද්ගලික කොන්ත්‍රාත්කරු ශල්‍යාගාරය තුළ කළ අලුත්වැඩියා කටයුතු නිසි පරිදි කර නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද පැවැසේ.

මෙම කොන්ත්‍රාත්කරු සම්බන්ධයෙන් අමාත්‍යාංශයට මීට පෙරද පැමිණිලි කළ නමුත් ඔහුට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බව ද සඳහන් වේ.