FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර පිළිබඳ මහ බැංකු වාර්තාව මුදල් මණ්ඩලයට..

බැඳුම්කර සිද්ධිය පිළිබඳව මහ බැංකුව සකස් කළ වාර්තාව මුදල් මණ්ඩලය වෙත ලබාදී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියේය.

සැප්තැම්බර් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීම පිළිබඳව ඊයේ (01දා) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතම මෙ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ලබන සිකුරාදා දිනයේදී තීරණයක් ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.