FAST NEWS

24×7 Around the Globe

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සීමා කෙරේ…

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රිය මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු රඹුක්කන දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

එය යථා තත්ත්වයට පත්වන තෙක් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර සීමා කරන බව එම පාලක මැදිරිය පවසයි.

අද (02) පෙරවරු 7 ට පමණ කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ගමන් කිරිමට නියමිතව තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සහ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ද මේ හේතුවෙන් අවලංගු කර තිබේ.