FAST NEWS

24×7 Around the Globe

ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ අවසන් තීරණය මැයි 12 පෙර..

ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීම  පිළිබඳ අවසන් තීරණය එළැඹෙන වසරේ මැයි මස 12 වැනිදාට පෙර ලබාදීමට නියමිත බව යුරෝපා සංගමයේ විශේෂ තානාපති තුනශ් ලයි මාගුවේ මහතා පැවසීය.

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ අයැදුම්පත මේ වන විට සලකා බලමින් පවතින බැවින් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීමේ අවසන් තීරණයකට මේ වන තෙක් එළැඹ නොමැති බවද හෙතෙම පැවසීය.

සිව් දින නිල සංචාරයක් සඳහා පෙරේදා (31) මෙරටට පැමිණි යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඊයේ (01) මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාගුවේ මහතා මේ බව සඳහන් කළේය.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය සඳහා ශ්‍රී ලංකාව ජූලි මස 12 වැනිදා යොමු කළ අතර ඒ පිළිබඳ යුරෝපියානු කොමිසම කරනු ලබන ඇගයීම් ලබන ජනවාරි 12 වැනිදා අවසන් වීමට නියමිතය.

ඉන් අනතුරුව එම ඇගයීම් යුරෝපියානු කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 20ක නියෝජිතයන් අවසන් තීරණය ගැනීමට නියමිතය. ඉන් පසුව මෙරටට ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලැබිම පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශ කිරීමට නියමිතය.