FAST NEWS

24×7 Around the Globe

CSN බලපත්‍රය අහෝසි කිරීම එරෙහි පෙත්සම විභාගයට ගැනේ..

සී.එස්.එන්.රූපවාහිනි නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (01)  අවසර ලබා දී තිබේ.

සී.එස්.එන්.රූපවාහිනි නාලිකාව අයත් සමාගම විසින් එම පෙත්සම ඉදිරිපත් කර  ඇති අතර පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් අධිකරණයට දන්වා ඇත්තේ සී.එස්.එන්.රූපවාහිනි නාලිකාවේ බලපත්‍රය අහෝසි කිරීමට පෙර අදාළ සමාගමෙන් සාධාරණ කරුණු විමසීමක් සිදුනොකළ බවයි.

ඒ තුළින් ස්වභාවික යුක්ති ධර්මය උල්ලංඝණය වී ඇති බව පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දී තිබේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම විභාගයට අවසර ලබා දී ඇති අතර මීට අදාළ කරුණු දක්වන ලෙස දන්වා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසට ලබන 16 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

එතෙක් අදාළ රූපවාහිනි සමාගම සඳහා නිකුත් කළ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා ලෙස  වග උත්තරකරුවන්ට අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.