FAST NEWS

24×7 Around the Globe

තෙල් මිල පහළ යැම නවතාලන්න බැරල් ලක්‌ෂ 4.5ක කප්පාදුවක්..

ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල දිනෙන් දින පහළ යැම නිසා සෞදි අරාබියාව ඇතුළු ලෝකයේ තෙල් නිපදවන ප්‍රධානරටවල මතුව ඇති ආර්ථික අර්බුදයට පිළියමක්‌ ලෙස දැනට ලෝක වෙළෙඳ පොළට නිකුත් කරන බොරතෙල් බැරල් ප්‍රමාණය ලක්‌ෂ හතහමාරක්‌ කපා හැරීම කෙරෙහි ඔපෙක්‌ සංවිධානය යෝජනා කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා පවසයි.

දැනට දිනකට තෙල් බැරල් දශ ලක්‌ෂ 32.5 ක්‌ 33 ක්‌ අතර ප්‍රමාණයක්‌ නිකුත් කරනු ලැබේ.

මෙම තත්ත්වය මත ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ යැම නිසා තෙල් නිෂ්පාදනය ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇති රටවල් දැඩි ලෙස ආර්ථික අර්බුදයකට ලක්‌ව ඇති බවත් ඉන් ගොඩ ඒම සඳහා මෙලෙස තෙල් නිපදවීම අඩුකර ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ස්‌ථාවර අගයක පවත්වාගෙන යැමට යෝජනා කර ඇතැයි ඔපෙක්‌ සංවිධානයේ ලේකම් මාධ්‍ය වෙත පසුගිය සෙනසුරාදා (29 දා) පැවැසීය.