FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපතිව ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගන්නැයි කියයි..

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති නැවත ශ්‍රී ලංකාවට පැමිණෙද්දී ඔහුව ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂ පා.ම බන්දුල ගුණවර්ධන මහතා අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

බැඳුම්කර වංචාවෙන් සිදුවූ සමස්ත පාඩුව රුපියල් බිලියන 1000ක් බවත්, එය කෝප් වාර්තාවේ සඳහන් නොවන බවත් මේ ගැන සෙවීමට විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ජනපති විසින් පත් කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම මෙම වංචාවට පර්පචුවල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ද අත්අංඩගුවට ගත යුතු බවද ඔහු කියා සිටියේය.

එසේම මෙම වංචාව සම්බන්ධයෙන් අර්ජුන ඇලෝෂියස් ද අත්අඩංගුවට ගත යුතු බවත්, අගමැතිවරයා ද තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු අවධාරණය කළේය.