FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු බැදුම්කර සිද්ධිය ගැන කෝප් හා විගණකාධිපති වාර්තා අගමැති නියමයෙන් නීතිපතිට…

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳ කෝප් කමිටු වාර්තාව සහ විගණකාධිපති වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අදාළ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (31) දිනයේ යොමුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව සිදුකළ විමර්ශන වාර්තාව පසුගියදා කෝප් කමිටු සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

එම වාර්තාව මගින් බැදුම්කර ගනුදෙනුවේ දී රජයට අලාභයක් සිදුවී ඇති බවත්, ඊට හිටපු මහ බැංකු අධිපතිවරයා වගකිව යුතු බවත් නිර්දේශ කර තිබුණි.

අදාළ  වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකරන බවට පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.