එකතු කළ අගය මත බදු හෙවත් වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන අද (1දා) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තුව සියයට 49.73කින් ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන මහතා පැවසීය.
ඒ සමග අන්තර්ජාල දත්ත පැකේජ (DETA) සඳහා මෙතෙක් අයකරනු ලැබූ සියයට දහයේ විදුලි සංදේශ බද්දට තවත් සියයට 17ක් එකතු වන බවත් ඒ මහතා සඳහන් කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ වැට් බද්දට දුරකථන සන්නිවේදන සේවා යටත් කොට ඇති බැවින් මෙම ගාස්තු අද (1දා) දින සිට ක්‍රියාත්මක වේ.
මෙම වැට් බදු සංශෝධනයට පෙර දුරකථන ගාස්තු වශයෙන් අයකරනු ලැබුවේ, සියයට 25ක විදුලි සංදේශ බද්දක් සහ රජයේ වෙනත් බදු වශයෙන් සියයට 2ක ගාස්තුවක එකතුව වන සියයට 27.5ක මුදලක එකතුවකි.
එහෙත් නව බදු සංශෝධනය අනුව එම ගාස්තුවට වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ද එකතු වී තිබේ.
ඒ අනුව සියයට 25.51 ක්ව පැවැති විදුලි සංදේශ බද්ද සියයට 26.04 දක්වා ඉහළටත්, සියයට 2ක් පැවැති ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළුව රජයේ වෙනත් බදු සියයට 4.16 දක්වා ද ඉහළ ගොස් තිබේ.
එම බදු දෙකේ එකතුවට සියයට 19.53ක වැට් බදු ද එක් වූ විට දුරකථන ගාස්තුවෙන් සියයට 49.73 ක් බදු සඳහා ගෙවීමට පාරිභෝගිකයාට සිදුවේ.
ඒ අනුව වැට් බදු සංශෝධනය අනුව දුරකථන ඇමතුමක් සඳහා සියයට 50කට ආසන්න බදු බරක් දැරීමට සිදුවීමෙන් පාරිභෝගිකයාට සිදුවන අසීරුතාව පිළිබඳ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ගන්නා පියවර පිළිබඳ අප කළ විමසීමේදී අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, රජයටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් සැලසෙන පරිදි දුරකථන ගාස්තු අයකර ගැනීමේ යෝජනාවක් මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවයි.
එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී අවශ්‍ය පියවර ගනු ඇතැයි විශ්වාස කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.