FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු වංචාව විභාග කිරීමට චම්පික වෙනම අධිකරණයක් ඉල්ලයි…

ශ්‍රී ලංකා මහ බැංකු වංචාව විභාග කිරීමට වෙනම උසාවියක් පත් කරන්නැයි ඇමැති පාඨලී චම්පික රණවක අද (31) රජයෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍ය හමුවකදී ඔහු පැවසූයේ ඊට වගකිව යුතු සියලුදෙනාම නීතිය හමුවට පැමිණවීම රජයේ සදාචාරාත්මක යුතුකමක් බවයි.

රජය මෙම සිද්ධියේ වංචාකරුවන්ට දඬුවම් නොකළහොත් ආර්ථික හා සමාජ සංවර්ධනය අතින් රජය මඩ ගොහොරුවකට වැටෙනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ විශේෂ නීතියක් සම්මත කිරීමෙන් එවැනි අධිකරණයක් පිහිටුවිය හැකි බවත් ඔහු කීය.