FAST NEWS

24×7 Around the Globe

යාපනය විශ්වවිද්‍යාලයේ ගෙට්ටු වසා සිසුහු විරෝධය පාති…

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයට ඇතුලු වියහැකි සියලුම ගේට්ටු වසා දමා අද (31) උදෑසන සිට විරෝධතා ව්‍යාපාරයක් අරම්භ කොට තිබේ.

එම විශ්වවිද්‍යාලයේ සිසුන් ප්‍රකාශ කරන්නේ පසුගියදා පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ සිසුන් දෙදෙනා වෙනුවෙන් මෙතෙක් සධාරණයක් ඉෂ්ඨ වී නොමැති බවයි.

එමෙන්ම අදාළ සිසු ඝාතනයන් සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ ඉතා ඇල්මැරුණු ස්වරූපයකින් පවතින බවත් විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඉල්ලීම් එකොළහෙන් කිසිදු ඉල්ලීමක් මෙතෙක් ඉටු වී නොමැති බවටත් ඔවුන් විරෝධතාවයේ නියැලෙමින් කියා සිටී.

විශ්වවිද්‍යාලයේ ගේට්ටු සියල්ලම වසා දමා තිබෙන බැවින් කිසිවෙකුටත් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීමට නොහැකි වී ඇති අතර දේශන කිසිවක් ක්‍රියාත්මක කිරීමට ද නොහැකි වී තිබේ.