අනාරක්‌ෂිත දුම්රිය ගේට්‌ටු මුරකරුවන් ඊයේ (30 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් අරඹා තිබේ.
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මෙම වර්ජනයේ නිරතවන බව අනාරක්‌ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්‌ටු ක්‍රියාකරුවන්ගේ සංගමයේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහතා පැවැසීය.
අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු වැඩිවීම නිසා දිනෙන් දින සිදුවන මිනිස් ජීවිත හා දේපළ හානිය වළක්‌වාලීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ඒ ඒ ප්‍රදේශවලින් සේවකයන් බඳවාගෙන ඇත.
මොවුන්ට දිනකට ගෙවනු ලබන්නේ රුපියල් 250 ක සොච්චම් මුදලක් බවත් ඔවුන්ට එමගින් සේවා සුරක්‍ෂිතතාවක්‌ද නැති බවත් බලධාරීන්ට පෙන්වා දී ඇතැයිද චන්ද්‍රසිරි මහතා කීය.
2013 වර්ෂයේ බඳවා ගෙන ඇති මෙම සේවකයන්ගේ දීමනාව වැඩි කරදෙන ලෙසත් රැකියා සුරක්‌ෂිතතාවය ස්‌ථාපිත කරදෙන ලෙසත් අනාරක්‌ෂිත දුම්රිය ගේට්‌ටු ක්‍රියාකරුවන්ගේ සංගමය ආණ්‌ඩුවෙන් මෙන්ම දුම්රිය හා පොලිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද තවමත් ඊට නිසි විසඳුම් ලබාදී නැතැයිද හේ කියා සිටියේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අනාරක්‌ෂිත දුම්රිය හරස් මාර්ග 882 ක් පවතින අතර ඉන් 688 ක් සඳහා දෛනික සේවා වාර සහිතව දිවා රාත්‍රි සේවය කිරීමට සේවකයන් 2064 ක් පමණ සේවයේ යොදවා ඇත.
මෙම සේවකයන්ට ජීවත්වීමට සුදුසු දීමනාවක් ගෙවීම හා ඔවුන්ගේ රැකියා සුරක්‌ෂිත කරදීම බලධාරින්ගේ වගකීමක් බවද එම සංගමය පෙන්වා දෙයි.
මෙවැනි තත්ත්වයක් තුළ ඊට විසඳුම් ලැබෙන තුරු තමන් වැඩ වර්ජනය අත් නොහරින බවද අනාරක්‌ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්‌ටු ක්‍රියාකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.