FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මධ්‍ය කාරක සභාව ජනපති සමග රැස්වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(31) රාත්‍රී 07.00 ට ජනාධිපති නිල නිවසේදී  රැස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මධ්‍යම කාරක සභාව සඳහා සියලු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

වර්තමාන දේශපාලන තත්ත්වය  ඉදිරි අයවැය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.