FAST NEWS

24×7 Around the Globe

කොළඹ – නුවර මාර්ගයේ අංක කිහිපයක බස් වර්ජනයේ..

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ සේවා කිහිපයක් අද (31) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

මාර්ග අංක 138 කඩවත – කොටුව, කිරිල්ලවල – කොටුව, ගම්පහ – කොටුව සහ නිට්ටඹුව – කොටුව පෞද්ගලික බස් රථ මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා දුර ගමන් සේවා බස් රථ සහ කෙටි ගමන් සේවා බස් රථ රියදුරන් අතර ගැටුමක් ඇති වී ඇති අතර එම ගැටුම සම්බන්ධයෙන් කෙටි ගමන් සේවා බස් රථ රියදුරන් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.