FAST NEWS

24×7 Around the Globe

චෝදනාවලට මුහුණ දෙන්න මම සූදානම් අර්ජුන කියයි

විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට තමා පෙරේදා (27 දා) සිංගප්පූරුවට පැමිණි බවත් නැවත ලබන සතියේදී ලංකාවට පැමිණෙන බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මාධ්‍ය වෙත පැවසීය.

මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවෙන් පැන ගිය බවට පළවෙන මාධ්‍ය වාර්තා පිළිබඳව ඒ මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී මේ බව පැවැසූ ඔහු ඕනෑම චෝදනාවකට මුහුණ දීමට තමන් සූදානම් බවත් පැවසීය.