FAST NEWS

24×7 Around the Globe

සමස්ථ ලංකා රේගු සේවා සංගමය වෘත්තිය ක්‍රියා මාර්ගයකට සැරසෙයි..

ලබන සදුදා (31) දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට සමස්ථ ලංකා රේගු සේවා සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක මහතා මහතා ප්‍රකාශ කළේ රේගු දෙපාර්තමේන්තුව සඳහා නව තනතුරක් පත් කිරීමට විරෝධය පළකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කර ඇති බවයි.

වෘත්තීය සමිති 07ක සාමාජිකයින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහයෝගය පළ කර ඇති බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.